කොළඹ මිනිස්සුන්ගේ සෙවනැල්ල අතුරුදන්වන දවස අද

අද (07) දහවල් 12.12ට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල මොහොතකට අතුරුදහන් වී යනවා.

එම ප්‍රදේශවලට අද (07) දිනයේ සූර්යා මුදුන්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී අප්‍රේල් 05 වනදා සිට 14 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම දෙපාර්තමේන්තු පැවසුවේ ඒ, අනුව අද දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?