කොළඹ පුස්තකාලයේ නිලධාරිණියකගේ ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය ඇති බවට 119ට බොරු ඔත්තුවක්

කොළඹ මහජන පුස්තකාලයේ සේවය නියුතු නිලධාරිණියකගේ ගමන් බෑගය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට සඳහන් ව්‍යාජ තොරතුරක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදී එම නිලධාරිනිය අපහසුතාවකට පත් කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) කුරුදුවත්ත පොලිසියට නියෝග කළා.

තම ගමන් බෑගය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට කිසියම් පුද්ගලයෙකු 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට ඇමතුමක් ලබා දී තමන් අපහසුතාවයකට පත්කර ඇති බවට ඇය තම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

පැමිණිලිකාර කාන්තාව කොළඹ මහජන පුස්තකාලයේ සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කරන බවත්, ඇයගේ ගමන් බෑගයේ තුළ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට කිසියම් පුද්ගලයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පිරිසක් කොළඹ මහජන පුස්තකාලය වෙත ගොස් අදාළ නිලධාරිනියගේ ගමන් බෑගයේ පරීක්ෂා කළ ඇති නමුත් එම බෑගය තුළ සැකකටයුතු කිසිවක් තිබී නැති බව ද එම නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලට අනුව කිසියම් පුද්ගලයෙකු පැමිණිකාර කාන්තාව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් එම දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
2
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?