Empty Ad
AFC Banner
AFC Banner

කොළඹ – බදුල්ල මාර්ගයේ වාහන ධාවනයට තව දුරටත් බාධා (ඡායාරූප)

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල සහ බෙරගල අතර බත්ගොඩ ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ සිදු වූ නායයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ එම ස්ථානයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බවයි.

මෙම නාය යෑමත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වූ අතර, එම මාර්ග කොටස පිළිසකර කිරීම අද (06) උදෑසන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එම මාර්ගයේ වාහන ධාවනයට තවමත් බාධා එල්ල වී ඇති අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන්නන්ට දැනුම් දෙනවා.

මෙම නාය යෑමත් සමඟ අවට තිබූ නිවාස පහකට පමණ හානි සිදුව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

398302780 669629448641090 7929176654528731092 n
398548857 669629328641102 4938328274838735272 n
398372728 669629401974428 8438703678557134376 n
398311321 669629461974422 867786717260819092 n
398380885 669629555307746 2507118544536776685 n
398311496 669629515307750 7319182865569266640 n
398331744 669629578641077 8824981230964125487 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?