කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (22) රාත්‍රී 10.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවලට 23 වනදා මධ්‍යහන 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි දැනුම් දෙන්නේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්