කොළඹ – නුවර මාර්ගය හෙට පහළ කඩුගන්නාවෙන් වැසේ

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (08) පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ, අනුව හෙට (08) පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා එම මාර්ගය විටින් විට වසා තබන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ සඳහන් කළේ.

මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කළුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙලෙස එම මාර්ග වසා තබන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?