කොළඹ නගරයේ ආයතනවල AC ගැල වූ කල්ලියක් මාට්ටු

කොළඹ නගරයේ විවිධ ආයතනවල සවිකර තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර කොටස් ගලවා අලෙවි කළ තිදෙනෙකුගෙන් සමන්විත කල්ලියක් මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කල්ලිය කොළඹ නගරයේ නතර කර ඇති ⁣ත්‍රීරෝද රථ සොරකම් කරගෙන ගොස් මෙම වායූ සමීකරණ යන්ත්‍ර කොටස් ගලවා ප්‍රවාහනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ගලවා ගන්නා වායූ සමීකරණ කොටස් විකුණා ලබාගන්නා මුදල් මත්ද්‍රව්‍ය පානය සදහා වැය කර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම් 10ක් සහ ත්‍රීරෝද රථයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මාලිගාවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර, සැකකරුවන් හෙට (27) දින අලුත්කඩේ අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
7
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !