අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 50,954කට අයත් පුද්ගලයින් 214,040ක් ආපදාවට ලක්ව ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ජනක කුමාර පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.
නිවාස හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, නිවාස 1023ක් අර්ධ හානියට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත කඳවුරු 95ක පුද්ගලයින් 160,00 කට වැඩි පිරිසක් රැඳී සිටින බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් ල;ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර කොළොන්නාව සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජලගැලීම් තත්ත්වය වර්ධනය වන බැවින් එම ප්‍රදේශවලින් ඉවත්වීමට කටයුතු කරන ලෙස ජනතාවට විශේෂ දැනුම්දීමක් ද කරනවා.















