කොළඹ ජනතාවට නිවේදනයක්

ඖෂධ හල්, ආහාර අලෙවිසල් හැර කොළඹ නගරයේ තිබෙන අනෙකුත් සියලුම වෙළෙඳසල් ටික දිනකට වසා දමන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය මෙම ඉල්ලීම කර ඇති බවයි අද (20) සඳහන් කෙරුණේ.

වෙළෙඳසල් ටික දිනකට වසා දැමුවහොත් කොළඹ නගරයට පැමිණෙන ගනුදෙනුකරුවන් හා සේවකයන් සංඛ්‍යාව අඩුවන බවත් එවිට තම තමන්ගේ පවුල්වල හා සමාජයේ සෙසු පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන බවත් ඇය පවසනවා.

කොරෝනා පැතිරෙන විවිධ ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව තමන්ට සිදුවන පාඩු පවා නොසලකා හරිමින් වෙළෙඳසල් වසා දමා කොරෝනා මර්දන කටයුත්තට ස්වේච්ඡාවෙන්ම සිය දායකත්වය ලබාදී ඇති බවද එය තමා මහත්සේ අගය කරන බවද නගරාධිපතිනිය සඳහන් කරනවා.

බස්නාහිර පළාත තුළ විවිධ ප්‍රභේදවලට අයත් කොරෝනා වයිරස් පැතිරීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ මඟින් ලබාදී තිබෙන දත්ත මඟින් පෙන්වා දී තිබෙන බවද පවසන සේනානායක මහත්මිය නිවේදනය නිකුත් කරමින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ කොළඹ නගරයට පැමිණීම මෙන්ම අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !