AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව අනාවරණය වෙයි

කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලයේ හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවී ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ගෙන තිබෙනවා.

අද අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ ජාත්‍යන්තර අවන්හලක ගින්නක් හටගත් අතර එය ගෑස් කාන්දුවකින් සිදුවූ බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබුණා.

කෙසේවෙතත් ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පිපිරීමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබු අතර ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේ.

අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එලෙස සුළු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

සසැදි පුවත – කොළඹ-රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිපිරීමක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?