කොළඹ කසළ ගැටලුව ගැන ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ පවතින කසළ බැහැර කිරීමේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් ජූලි ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ රැස්වීමක් පැවැත් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, පවතින අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් යුත්, කඩිනම් සහ තිරසාර ප්‍රවේශයක ඇති දැඩි අවශ්‍යතාව පෙන්වා දුන්නා.

වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ පාරිසරික වශයෙන් වැදගත් නගරයක් නිර්මාණය කිරීම උදෙසා සියලුම අදාළ පාර්ශ්වකරුවන් සහයෝගීතාවයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.

විශේෂයෙන්ම පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එමඟින් ඇති විය හැකි බරපතළ මහජන සෞඛ්‍ය ගැටලු හඳුනාගනිමින් මෙම අර්බුදය ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව දැනට පවතින කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙසත්, සම්පත් පරිහරණය උපරිම කාර්යක්‍ෂමතාවයකින් සිදුකරන ලෙසත් බලධාරීන්ට උපදෙස් දෙන ලැබුවා.

එමෙන්ම, දිගුකාලීන මෙහෙයුම් සාර්ථකත්වය සහතික කරමින්, පීඩාවට පත් කලාපවල දැනට ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡාවේදී වත්මන් අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, ගැටලුවලට ස්ථිර හා තිරසාර විසඳුමක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර සහ දිගුකාලීන උපාය මාර්ග පිළිබඳව ද අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43