AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) සිදුකෙරුණා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ්, ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන අය අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබුවා.

ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ්, ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා.

මේ අතර දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම කලාපීය සහයෝගීතව පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?