කොළඹ ආරක්ෂක සමුළුවට සත්කාකරකත්වය ඉන්දියාවෙන්

කොළඹ ආරක්‍ෂක සමුළුවේ 07 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව නවදිල්ලියේදී පෙරේදා (19) ආරම්භ වුණා.

මේ සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ මුරුසියට අමතරව සීෂෙල්ස් රාජ්‍යය නිරීක්ෂණ මට්ටමින් සහභාගී වන අතර මැලේසියාව පළමුවරට සහභාගී වන්නේ ආරාධිත රටක් ලෙසයි.

සැසිවාරය ආරම්භ කරමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ගෝලීය ආරක්ෂක පරිසරය “අභියෝගාත්මක” එකක් ලෙස විස්තර කළ අතර, සමුද්‍රීය ක්ෂේත්‍රයේ “ආරක්ෂාව, සහ ස්ථාවරත්වය” සහතික කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඉන්දියානු සාගර කලාපයේ රටවලින් ඉල්ලා සිටියා.

වේගයෙන් වෙනස් වන සහ අභියෝගාත්මක ගෝලීය ආරක්ෂක පරිසරයක් මධ්‍යයේ අද කොළඹ ආරක්ෂක සමුළුව අතිමහත් වැදගත්කමක් ලබා ඇතැයි ඔහු එහිදී පැවසුවා.

“සාගරය අපගේ විශාලතම උරුමයයි. එය අපගේ ආර්ථිකයන් මෙහෙයවන එන්ජිමයි. කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම අපගේ වගකීමකි. අපගේ පොදු සමුද්‍රීය උරුමය සංරක්ෂණය හා භාවිතය සඳහා අපි සමීපව කටයුතු කළ යුතුයි” අජිත් දොවාල් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?