කොහොමද කටක් ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා : අපිටත් අභිමානයක් තියෙනවා

පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකතු වී කඩිනම් පිළියම් යෙදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…

“මම ඊයේ පැය එකහමාරක් ඩීසල් පෝළිමේ හිටියා. අවසානේ ඒකත් ගන්න බැරිවුණා. ෆ්ලවර් රෝඩ් එකේ. ඩීසල් නෑ, පෙට්‍රල් නෑ, කිරි නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ, මේක බංකොලොත් නෙවෙයි ද.? කරන්ට් එක නෑ. මිනිස්සුන්ට තද වෙලා. ඇමතිවරයෙක් නෑ, කතාකරන්න මිනිහෙක් නෑ. බංකොලොත් නැත්නම් මොකක්ද මේක. ? මේක නෙවෙයි නම් බංකොලොත් මොකක්ද බංකොලොත්. ගරු කතානායකතුමනි. මම තාක්ෂණිකව කියන්නම් බංකොලොත්ද නැද්ද කියලා. අද බලන්න මහබැංකුවේ වාර්තාව. මහබැංකුවේ විදේශ වත්කම්වල ශේෂය බලන්න, දෙයියනේ සෘණ. මහබැංකුවේ විදේශ වත්කම්වලට වඩා මහබැංකුවේ විදේශ වගකීම් ඩොලර් බිලියන දෙකහමාරකින් වැඩී. එහෙමනම් බංකොලොත්. එහෙමනම් මහබැංකුව බංකොලොත්. “

“අපි කැමති නෑ මේක කියන්න. කොහොමද කටක් ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. අපිටත් අභිමානයක් තියෙනවා. අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ රටේ ඉපදුණේ, අපි ජීවත් වෙන්නේ මේ රටේ, අපි මැරෙන්නේ මේ රටේ. අපිට වෙන පාස්පෝට් නෑ. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි කොහොමද කට ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. හැබැයි රට බංකොලොත් කළේ කවුද. අඩුම තරමේ දැන්වත් මේ බංකොලොත් බවින් බේරගන්න එකතුවෙලා මොනවහරි කරමු ගරු කතානායකතුමනි.

ඩොලර් බිලියනයක ණයක් ගෙවන්න තියෙනවා ඉදිරියේදී. දරුවන්ට දෙන්න බෙහෙත් ටිකවත් නැති වෙයි ඉදිරියේදී. මිනිස්සු බෙල්ල වැලදාගෙන මැරෙනවා. රට ඒ තැනට පත්වෙලා තියෙන්නේ ” මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32