spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොස්තාපල් මරු තුරුලට යැවූ සුනඛයා

ධාවනය වෙමින් තිබු පොලිස් යතුරුපැදියක් ඉදිරියෙන් බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් එම පොලිස් යතුරුපැදිය අනතුරට ලක් වී විදුලි කණුවක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇති බව පානාමුර පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  පානමුර පොලිසියේ දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි  (71332) ශාන්ත නමැති 36 හැවිරිදි කොස්තාපල්වරයා බව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායමක් ඊයේ (22) අලුයම මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් නැවත පොලිස් ස්ථානය වෙත එන අතරේ ඇඹිලිපිටිය මාර්ගයේ පානමුර ප්‍රදේශයේ අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය  පවසයි.

බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් තවදුරටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?