කොස්තාපල් නෝනාගේ උකුළේ වාඩි වූ කොස්තාපල් මහත්තයාගේ වැඩ තහනම්

කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මකුලුගස්වැව පොලිස් ස්ථානයට විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

පෙරේදා (15) දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂක රාජකාරි සඳහා අදාළ පොලිස් කොස්තාපල්වරයා මකුලුගස්වැව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ පුටුවක වාඩි වී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළේ වාඩි වී ඇති බවයි වාර්තා වුණේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් කොස්තාපල්වරිය ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ දී බීමතින් සිට ඇති බවයි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.

  1. ඔතන කරුණු දෙකක් තියෙනවා..
    1. පොලිස් ස්ථානයේ පුටු හිඟයක් ඇති.. ඒක නිසා ඒ තුමා කොස්තාපල් නෝනා එක්ක පුටුව share කරගන්න ඇති. කොස්තාපල් නෝනා තඩි සයිස් නිසා පුටුවෙ ඉඩ නැතුව ඒ තුමා නෝනගේ උකුලෙ වාඩි වෙන්න ඇති..

    2. සාමාන්‍යයෙන් වෙන්න ඕනෙ ඕකෙ අනිත් පැත්තනේ. කොස්තාපල් ට පුටුව දීල කාන්තා නිලධාරීනිය මිනිහගේ ඔඩොක්කුවේ වාඩිවෙන එකනේ…
    ඒක එහෙම නොවුන නිසා නිලධාරී තුමියට කේන්ති යන්න ඇති..

    ඔය පැමිණිල්ල ගැන විමර්ශනය කරන්න නම් දෙන්නා වැඩිවෙලා හිටිය විදිහට නැවත ඉන්න කියන්න ඕනෙ..🤪



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37