කොවිඩ් සිරුරු ගොඩගැසුණු රෝහලක්

අද (22) උදෑසන 10 වනවිට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මෘතදේහ රැසක් තැන්පත් කර තිබුණි.

එමෙන්ම එහි තිබූ තවත් මෘතදේහ රැසක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදාන කිරීම සඳහා රැගෙන යෑමට සූදානම් කෙරුණි.

මේ අතර රට තුළ පවතින වාතාවරණය යටතේ බණ්ඩාරගම අඳුන්වැන්න ආදාහනාගාරය ද කාර්යබහුල වී තිබේ.

නිරන්තරයෙන් දේහ පැමිණීමත් සමග ආදාහනාගාර සේවකයින්ට එල්ලවී ඇත්තේ දැඩි පීඩනයකි.

ආදාහනාගාර සේවකයින් පවසන්නේ,”පසුගිය කාලයේ අවසන් කටයුතු කරන්න ආවේ මරණ එකයි දෙකයි. දැන් දන්නෙවත් නැති පැතිවලින් මරණ රැසක් එනවා.” යනුවෙනි.

මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය මිනීපෙට්ටි නොමිලේ සපයාදීමට බේරුවල ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් වව්නියාව නගරයට පිවිසෙන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලීසිය හා රතු කුරුස සංවිධානය කටයුතු කර තිබුණි.

කොවිඩ් ආසාදිත බවට එහිදී තහවුරු වන පුද්ගලයින් නිරෝධායනය හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමද සිදුවිය.

මේ අතර දිගින් දිගටම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් වාර්තාවීමත් සමග එම දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

නමුත් රුපියල් මිලියන 15ක වියදමක් දරා ප්‍රතිසංස්කරණය කර පසුගියදා ඌව ආණ්ඩුකාරවරයා විසින් විවෘත කළ දියතලාව ආයුර්වේද මධ්‍යස්ථානයේ ආසාදිතයින් 110 දෙනෙකුට ප්‍රතිකාර ලබාදිය හැකිය.

කෙසේවෙතත් සියලු පහසුකම් සහිත මෙම මධ්‍යස්ථානයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 17 දෙනෙකු පමණි.

මේ වනවිට ගර්භණී කාන්තාවන් 50,000 කට පමණ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදී ඇති බවද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?