AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළදුණු දරුවන්ට තවත් දරුණු රෝගයක් -6දෙනෙක් දැනට දැඩි සත්කාර ඒකකයේ

කොවිඩ් රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ රෝග තත්ත්වයක් දරුවන් අතරේ පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා

මේ වන විට එවැනි රෝගී දරුවන් හය දෙනකු ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි ඔහු පවසන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දරුවකුට කොවිඩ් හැදිලා දවස් 14 කට පස්සේ ඇතිවන සංකූලතාවයක් ලෙස මෙම රෝගී තත්ත්වය ඇතිවන බවයි

විශේෂයෙන් අවුරුදු 5 ත් 15 ත් අතර දරුවන් අතරේ මේ රෝග තත්ත්වය ඇතිවන බවත්මෙම රෝග තත්ත්වය බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවය ලෙස හඳුන්වන බවත් ඔහු සඳහන් කරනවා

උණ, බඩේ අමාරුව, වමනය යෑම, ඇස් රතුවීම, තොල්, දිව රතුවීම, බෙල්ලේ වසා ගැටිති ඇතිවීම, සිරුරේ දද වැනි දේවල් තමයි මේ රෝගයේ ප‍්‍රධාන ලක්‍ෂණ වන බවත් ,මෙහි ඇති භයානක තත්ත්වය ලෙස හෘදය වස්තුවට බලපෑම් කරලා රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයාමට හැකියාවක් පවතින බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා

මේ අලූත් රෝගී තත්ත්වය 2020 දී එංගලන්තයේදී හඳුනාගෙන තිබෙන බවත් දැනටත් ඇමෙරිකාව හා එංගලන්තය වැනි රටවල්වල මේ රෝගයට ගොදුරු වූ දරුවන් මියගිහින් තිබෙන බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ රෝගයට ගොදුරුවූ දරුවන් මේ වන විට ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි .

මේ දරුවෝ 6 දෙනා කොළඹ අවට ප‍්‍රදේශවල අය වන බවත් මේ දිනවල දරුවන් පරිස්සම් කර ගැනීම අතිශයින් වැදගත් බවත් ඔහු පෙන්වා දෙනවා

එමෙන්ම දරුවන් ගමන් බිමන් සඳහා රැගෙන නොයන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?