කොවිඩ් වැළදුණු දරුවන්ට තවත් දරුණු රෝගයක් -6දෙනෙක් දැනට දැඩි සත්කාර ඒකකයේ

කොවිඩ් රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ රෝග තත්ත්වයක් දරුවන් අතරේ පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා

මේ වන විට එවැනි රෝගී දරුවන් හය දෙනකු ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි ඔහු පවසන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දරුවකුට කොවිඩ් හැදිලා දවස් 14 කට පස්සේ ඇතිවන සංකූලතාවයක් ලෙස මෙම රෝගී තත්ත්වය ඇතිවන බවයි

විශේෂයෙන් අවුරුදු 5 ත් 15 ත් අතර දරුවන් අතරේ මේ රෝග තත්ත්වය ඇතිවන බවත්මෙම රෝග තත්ත්වය බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවය ලෙස හඳුන්වන බවත් ඔහු සඳහන් කරනවා

උණ, බඩේ අමාරුව, වමනය යෑම, ඇස් රතුවීම, තොල්, දිව රතුවීම, බෙල්ලේ වසා ගැටිති ඇතිවීම, සිරුරේ දද වැනි දේවල් තමයි මේ රෝගයේ ප‍්‍රධාන ලක්‍ෂණ වන බවත් ,මෙහි ඇති භයානක තත්ත්වය ලෙස හෘදය වස්තුවට බලපෑම් කරලා රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයාමට හැකියාවක් පවතින බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා

මේ අලූත් රෝගී තත්ත්වය 2020 දී එංගලන්තයේදී හඳුනාගෙන තිබෙන බවත් දැනටත් ඇමෙරිකාව හා එංගලන්තය වැනි රටවල්වල මේ රෝගයට ගොදුරු වූ දරුවන් මියගිහින් තිබෙන බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ රෝගයට ගොදුරුවූ දරුවන් මේ වන විට ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි .

මේ දරුවෝ 6 දෙනා කොළඹ අවට ප‍්‍රදේශවල අය වන බවත් මේ දිනවල දරුවන් පරිස්සම් කර ගැනීම අතිශයින් වැදගත් බවත් ඔහු පෙන්වා දෙනවා

එමෙන්ම දරුවන් ගමන් බිමන් සඳහා රැගෙන නොයන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?