AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් යුරෝපය කළඹයි : සුපිරි ප්‍රභේදයක් ගැන අනතුරු අඟවයි

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් එම අනතුරු අඟවීම නිකුත් කර ඇත.

මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් රටවලින් කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි.

ඊයේ දිනය තුලදී අමෙරිකාවෙන් ආසාදිතයින් 163,707ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 93,045ක්, ප්‍රංශයෙන් 58,128, ජර්මනියෙන් 48,375ක්, ස්පාඤ්ඤයෙන් 33,359ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?