කොවිඩ් මැද හෙදියක් තැබූ සංවේදී සටහන

කොවිඩ් වසංගතය ගැන අද ඇතැම් මිනිසුන්ට වගක් නැති ගානයි.. ඒ මීට මාස 03කට කලින් කොවිඩ් නිසා රටේ මිනිසුන් දෙසිය ගණන් මියැදෙන කොට තවත් දහස් ගාණක් දෙනා ආසාදිතයින් විදිහට වාර්තා වෙද්දී හැමෝගෙම හිත්වල තිබුනේ කියා ගන්න බැරි බයක්.

මේවන විටත් රටේ කොරෝනා වසංගතය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙනවා. කොවිඩ් අවදානම මැද රෝහලක හෙදියක් සිය මුහුණු පොතේ තබා තිබු සංවේදී සටහනයි මේ…

ඔව් මටත් පොසිටිව්….🤓

හදිසි අනතුරක් වෙලා ශල්‍යකර්මයකින් පස්සේ වාට්ටුවට ආපු තවත් ලෙඩෙක්. මැරෙන්න පණ අදිනවා…. රැපිඩ් ටෙස්ට් රිපෝට් එනකල් මොකුත් කර ගන්න බෑ පොතේ නම් එහෙමයි.

අනේ එහෙමයි කියලා කොහොම නම් බලා ඉන්නද ජීවිතෙත් මරණෙත් අතර පොරකන ඒ මනුස්සයා දිහා.පී පී කිට් දාගන්න කොයින්ද වෙලාවක්.හනික වටවෙලා පුලු පුලුවන් විදියට දැඟලුවෙම ජීවත් කරවන්න.ඔට්ටු වෙවී ඉන්න අතරෙ ආවා ඇන්ටිජන් රිපෝට් එක ලෙඩාගේ…

දෙයියනේ පොසිටිව්.

ඒ කියලා කොහොම නම් නවත්තන්නද මේ මනුස්සයව ජීවත් කරවන්න ඔට්ටු වෙන එක.

එක දිගට මහ වෙලාවක් දැඟලුවත් අනේ අපි පරාදයි .තවත් තාත්තෙක් උපතින්ම කතා කර ගන්න බැරි අවුරුදු එකොලහක කොලු පැටියෙක්.අවුරුදු පහක කෙලි පැටික්කියක් එක්ක අම්මෙක්ව දාලා සදහටම යන්න ගියා.

දන්නවද මගේ තාත්තත් මට අවුරුදු පහක් වෙද්දි මාව දාලා යන්නම ගියා…සමහර සිදුවිම් හරිම ඉක්මනින් අපිව අතීතයට අරන් යනවා හිතට තියන එකම සැනසිම අපිට පුලුවන් උපරිම දේත් අපි කලා කියන එක විතරමයි.

එදා ඒ සිදුවීමේ ප්‍රතිඵල මටත් ලැබිලා..

අද මම පොසිටිව්..

දුකක් නැහැ කොයිමවත්… නිකරුනේ නොසැලකිල්ලෙන් ලෙඩ හදා ගන්න මිනිස්සු අතරේ මනුස්සයෙකුට ජීවිතේ දෙන්න ඔට්ටු වෙලා මෙහෙම උන කෝවිඩ් ලෙඩෙක් මන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34