කොවිඩ් මරණ 6ක්

කොවිඩ් ආසාදිත මරණ 6ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 667ක් දක්වා ඉහළ ගියා.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්,

වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්,

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

මෙරටින් අද දිනයේ මේ දක්වා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 1531 ක් බවට පත්ව තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 454ක් වාර්තාවීමත් සමගයි.