කොවිඩ් මරණ 13,000 ඉක්මවයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද (02) දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.

අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් තිබේ.