කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

COVID-19 වෛරසය සඳහා මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙම තොරතුරු හෙළිවී ඇත්තේ, එන්නත් ලබා ගත් මිලියන 99ක ජනතාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ අධ්‍යයනයකට අනුවයි.

නිදසුනක් වශයෙන්, මොඩර්නා එන්නත දෙවන මාත්‍රාවෙන් පසු එය ලබා ගත් පුද්ගලයින්ට මයෝකාඩයිටිස් හෙවත් හෘදය ආශ්‍රිත දැවිල්ල වැළඳීමේ සම්භාවිතාව සියයට 6.1 ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන්.

ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි මයෝකාඩයිටිස් අසාදිත අනුපාතයක් ඇති වූ බව අධ්‍යයනයට අනුව හෙළිවී තිබෙනවා.

ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ඇති අතුරු ආබාධ පිළිබඳව ද මෙම අධ්‍යයනයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක් සහ මොළයේ රුධිර කැටි ගැසීම ඇතුළු අතුරු ආබාධ ඇතිවීමේ අවදානම එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් සොයාගෙන ඇති බවයි.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13ක් පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර්, මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
12
+1
7
+1
11
+1
29
+1
16
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?