කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක්

COVID-19 වෛරසය සඳහා මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙම තොරතුරු හෙළිවී ඇත්තේ, එන්නත් ලබා ගත් මිලියන 99ක ජනතාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ අධ්‍යයනයකට අනුවයි.

නිදසුනක් වශයෙන්, මොඩර්නා එන්නත දෙවන මාත්‍රාවෙන් පසු එය ලබා ගත් පුද්ගලයින්ට මයෝකාඩයිටිස් හෙවත් හෘදය ආශ්‍රිත දැවිල්ල වැළඳීමේ සම්භාවිතාව සියයට 6.1 ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන්.

ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි මයෝකාඩයිටිස් අසාදිත අනුපාතයක් ඇති වූ බව අධ්‍යයනයට අනුව හෙළිවී තිබෙනවා.

ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ඇති අතුරු ආබාධ පිළිබඳව ද මෙම අධ්‍යයනයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක් සහ මොළයේ රුධිර කැටි ගැසීම ඇතුළු අතුරු ආබාධ ඇතිවීමේ අවදානම එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් සොයාගෙන ඇති බවයි.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13ක් පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර්, මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
12
+1
7
+1
11
+1
29
+1
16
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34