කොවිඩ් නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවසේ සිටී නම් වැටුපෙන් 50% – සියලු තොරතුරු මෙතැනින්

කොවිඩ් – 19 වසංගතය පැතිරීම නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත්, රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත්, එමෙන්ම යම් කිසි හෙයකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුවුණහොත් සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩ කඩ සලසාදී ඇති බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ඊයේ (04දා) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති එක්ව ජාතික මට්ටමෙන් සාකච්ජා කර එම තීරණවලට එළැඹුණු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ

වැඩබිම්වල කොවිඩ් මර්දනය කිරීමේ කමිටු ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන අතර 95%ක් පමණ කමිටු ඉතා හොඳින් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පවසනවා .

එලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඒවා ගැන කම්කරු කොමසාරිස්වරයාට පෙන්වාදෙන ලෙස වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවද පවසන අමාත්‍යවරයා
වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ “යම්කිසි හෝ ප්‍රශ්න සහගත බවක් එහි තිබුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කොවිඩ් බළකායට දැනුම් දෙන බවයි

කොවිඩ් – 19 තත්ත්වය නිසා මේ වෙද්දී රට තුළ 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙනවා.

රැකියා අහිමි වී තිබෙන පුද්ගලයන්ගේ සුබසාධනය භාර ගැනීමට සිදුවන අතර විශේෂයෙන් විදෙශ්ගත ශ්‍රමිකයන් ගතහොත් මේ වන විට 58,000ක් පමණ දිවයිනට පැමිණ සිටින අතර තවත් 30,000ක් පමණ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔවුන් නිරෝධායනය කිරීමට අවශ්‍ය හෝටල් පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මුදල් ගෙවා සූදානම් කර තිබෙනවා.

ඔවුන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. පී.සී.ආර්. පරීක්ෂණ පවා රජයෙන් කරනවා.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලට කළ යුතු ගෙවීම්ද 2019 වසරට සාපේක්ෂව 2020 වසර තුළ මිලියන 600ක පමණ අඩුවක් තිබෙනවා” යනුවෙන්ද සඳහන් කර සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09