කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද මෙසේ වසා දැමීමට නියමිතය.

ඇතැම් නගරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ තවත් ඒවා නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.

මේ වන විටත් රට පුරා නගර 16ක කඩ සාප්පු වසා දමා ඇති අතර ඒ අනුව කඩසාප්පු වසා දැමීම සිදුවන මුළු නගර සංඛ්‍යාව 31 කි.

ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත යේලක්කරය මේ වන විටත් කඩ සාප්පු වසා දමා ඇති නගර වේ.

තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ගෙන ඇතැයි එම වෙළඳ සංගම් පවසයි.

(ඩයනා උදයංගනී, යොහාන් භාසුර, අමදෝරු අමරජීව, රවීන්ද්‍ර ලියනගේ, පුෂ්පකුමාර මල්ලවආරච්චි, සමන් පාලිත නානායක්කාර, නවරත්න සමරතුංග, දයා හේමන්ත සිල්වා, ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ, ප්‍රදීප් කුමාර, නයෝමි දිල්රුක්‍ෂි, අබේසිංහ සේනාරත්න, ඔගස්ටින් ප්‍රනාන්දු, කුෂාන් ජයවර්ධන, බිබිල විශේෂ කේෂර ගුණතිලක, ටී.ඇම් සෝමපාල සහ ජයන්ත කුමාර දිසානායක)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?