කොවිඩ් එක්ක, තවත් වෛරසයක්

ඔමික්‍රෝන් සහ කොවිඩ් නව ප්‍රභේද සඳහා මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිර්දේශ 05 ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අතර, කොවිඩ් වෛරසයට අමතරව තවත් වෛරස් උණක් පැතිරෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මේ තත්ත්වය නිසා ජනතාව මේ පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව එහි කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අදාළ නිර්දේශ සකස්කර ඇති බව වාර්තා වේ.

අදාළ නිර්දේශ ඉදිරි දින කිහිපය තුළ රජයේ බලධාරීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?