AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිත බිළිඳන් මියයන ප්‍රධාන හේතුව

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මේ දක්වා කොවිඩ් ආසාදන වූ කුඩා බිළිඳන් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් රැසක් අවස්ථා කිහිපයකදී නිරෝධායනය සඳහා යොමු කිරීමට ද සිදුවූ බවය.

කොවිඩ් ආසාදිත කුඩා දරුවන් මියයෑමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ප්‍රමාද වී රෝහලට පැමිණීම බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙයි.

“මෙම මස පළමු වැනිදා අවුරුද්දකුත් මාස 4ක් වයස කුඩා දරුවෙකු මියයෑම සිදුවුණා. ඊට පෙරත් දින 20ක කුඩා බිළිඳියක මේ ආකාරයෙන්ම මරණයට පත්වුණා. මේ දරුවන් දෙදෙනාගේම මරණ ගැන බැලීමේදී අපිට පෙනී යන්නේ රෝහලට පැමිණීම ප්‍රමාදවීම තමයි ප්‍රධානම කාරණාව. ඒ නිසා යම්කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම රෝහල්වලට රැගෙන පැමිණෙන්න.” යනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?