කොවිඩ් ආසාදිත පිරිමින්ට අත්විදීමට සිදුවූ දරුණු ප්‍රතිවිපාකය

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අවුරුදු 30-40ත් අතර පසුවන මෙම පුද්ගලයා ගේ ලිංගේන්ද්‍රයේ රුධිර නාල වලට එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට වෛද්‍යවරුන් අනුමාන කරනු ලබනවා.

එමෙන්ම මෙම පුද්ගලයාගේ ලිංගික උත්තේජන හැකියාව ද පෙරට වඩා අඩුවී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත්තේ.

වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇති බවයි.

ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එලෙස ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බවයි.

මේ අතර මියාමි මිලර් වෛද්‍ය විද්‍යාලය විසින් ගෝලීය පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සඟරාවේ පළකර තිබෙන අධ්‍යනයක් අනුව හෙළිවී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුර්ණ නිගමනයක් සිදුකිරිමට තවත් පර්යේෂණ සිදුකළ යුතු බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26