spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිත පිරිමින්ට අත්විදීමට සිදුවූ දරුණු ප්‍රතිවිපාකය

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුරුෂ පක්ෂයට මුහුණ දීමට සිදුව තිබෙන අතුරු ආබාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමෙරිකානු එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අවුරුදු 30-40ත් අතර පසුවන මෙම පුද්ගලයා ගේ ලිංගේන්ද්‍රයේ රුධිර නාල වලට එල්ලවූ බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට වෛද්‍යවරුන් අනුමාන කරනු ලබනවා.

එමෙන්ම මෙම පුද්ගලයාගේ ලිංගික උත්තේජන හැකියාව ද පෙරට වඩා අඩුවී ඇති බවට ද කරුණු අනාවරණය වී ඇත්තේ.

වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇති බවයි.

ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එලෙස ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බවයි.

මේ අතර මියාමි මිලර් වෛද්‍ය විද්‍යාලය විසින් ගෝලීය පුරුෂ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන සඟරාවේ පළකර තිබෙන අධ්‍යනයක් අනුව හෙළිවී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුර්ණ නිගමනයක් සිදුකිරිමට තවත් පර්යේෂණ සිදුකළ යුතු බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?