කොලොන්නාවේ ජල ගැලීම් තත්ත්වය පාලනයට ආ යෝජිත නිර්දේශ කඩිනම් කිරීමට කමිටුවක්

2024 ජුනි මස දී ජල ගැලීම් හේතුවෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු වූ හානි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමටත්, එම ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමටත් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට 2024-06-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව, එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ නිර්දේශයන් ප්‍රමුඛතා පදනම මත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරීනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් බලධාරින්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07