කොල්ලෙක්ට දණගස්වා අමානුෂික ලෙස පහර දුන් චණ්ඩියෝ කූඩුවට

පසුගියදා (20) කෑගල්ල – පිටිහුම ප්‍රදේශයේ දී බස් රථයක් එනතුරු රැඳී සිටි පාසල් සිසුවෙකුට එම ප්‍රදේශයේ ම ප්‍රසිද්ධ පිරිමි පාසලක ඉගෙන ගන්නා සිසුන් පිරිසක් විසින් දණගස්වා පහරදෙනු අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමේ සිදුවීමට එරෙහිව පහරදුන් සිසුන් තිදෙනෙකු අද (26) අත් අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අදාළ සැකකාර සිසුන් විසින් පහරකෑමට ලක් වූ සිසුවා ව අතුරුමාර්ගයක දණ ගස්වා අමානුෂික අයුරින් පහර දී ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගත් බවත් එලෙස පහරකෑමට ලක් ව ඇත්තේ දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙකුට බවත් වාර්තා වනවා.

සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
58
+1
4
+1
79
+1
3
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10