spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටිය රිය අනතුරින් පසු පලාගිය රියදුරු රටින් පනී

ඉකුත්දා කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පැද වූ  (26) හැවිරිදි මෝටර් රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.

ඉකුත් (10) දින පෙරවරුවේ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරු සිදුවුණා.අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි සියලු දෙනා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවද හෙලිවුණා.

සිද්ධියෙන් පසු වාහනය පැදවූ පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගිය අතර අනතුරුව කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

අධිකරණයෙන් නියෝග ලබාගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?