කොල්ලුපිටියේ හෝටලයක ජර්මන් ජාතික තරුණියක් දූශනය කල ව්‍යාපාරිකයා

කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.

කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණියක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ  ජර්මන් තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවය.

සැකකාර ව්‍යාපාරිකයා වසර 6ක පමණ කාලයක සිට  ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයෙක් වන  හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් වාර්තා වෙයි.

ඉකුත් දෙසැම්බර් 18 වනදා මෙරටට පැමිණ ඇති ඇය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබුණි.

ඒ අතර සැකකාර ව්‍යාපාරිකයා සමග නුවර ප්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලීසිය පැවසීය. 

පසුගිය 6වනදා මෙරටින් පිටව යාමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 4වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබේ.

එදින රාත්‍රී සමාජශාලාවකට දෙදෙනාම ගොස් ඇති අතර පසු දින අලුයම වනතෙක් එහි රැඳී සිටිමින් මත්පැන් පානය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තරුණියගේ ක්‍රෙඩිට් කාඩ් පත එම අවස්ථාවේදී අස්ථානගතවී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී තිබේ.

අනතුරුව තරුණිය පමණක් ත්‍රීරෝද රථයකින් ඇය නැවතී සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ තිබුණි.

එහිදී ද ඇය මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේදී හෝ රාත්‍රී සමාජශාලාවේදී මත්වීමට යමක් දෙන්නට ඇති බව තරුණිය පොලීසියට පවසා තිබුණි.

තමන් නැවතී සිටි හෝටලයේදී නින්දෙන් අවදි වනවිට තමාට දූෂණයක් සිදුවී ඇති බව අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් සොයාගත් සාක්ෂිත් රැගෙන ඇය පොලීසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53