කොරෝනා හැදුනු පවිත‍්‍රාට ෆේස්බුක් එකේ කොචොක් කරනවා..- සුදර්ශනී

කොරෝනා ආසාදිතව දැනට නිරෝධායනයේ යෙදී සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සම්බන්ධයෙන් සමාජජාලාවල පළවන සටහන ගැන සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් තම සමාජ ජාල දීමේ තබා ඇති සටහනක් මෙහි දැක්වේ.

කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑම මනුෂ්‍යයෙකුට වැළදීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි.

එය අද මට හෙට ඔබට වැළදීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළදී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ටද වැළදී ඇත. එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලුදෙනාගේම වගකීමය.

මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටද වෛරසය ආසාදනය වී ඇති අතර කොවිඩ් මර්දන සටන වෙනුවෙන් කැපවූ ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩකටයුතු ආරම්භ කල ඇයට ලැබුණු ප්‍රමුඛ අභියෝගය කොවිඩ් 19 වන අතර ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීම සදහා ඇය විසින් ඉටුකල කාර්ය භාර්ය කිසිසේත්ම අමතක කල යුත්තක් නොවේ. එහෙත් වෛරසය ආසාදනය වූ ඇයට සමාජ මාධ්‍යතුළ ඇතැම් පිරිස් විසින් දේශපාලනික වශයෙන් සිදුකෙරෙන නින්දා අපහාස කිරීම් පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු අතර මෙවැනි අවස්ථාවක මිනිස් ගුණ දම් දන්නා කිසිවෙකු විසින් එවැනි දෑ අනුමත නොකරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය ඇතුළු වෛරසය ආසාදනය වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ අප සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
(පා.ම)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34