AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපතිට සිදු වූ විපත

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝනා අසාදනය වී සුවවීමෙන් අනතුරව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට තේරිපත්ව උපසභාපති වූ 52 හැවිරිදි වෙල්ලසාමී මහේන්ද්‍රන් මහතාට පසුගිය සැප්තැම්බර් මස 24 වනදා කොරෝණා ආසාදනය වීම හේතුවෙන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබා සුව වීමෙන් අනතුරුව නිවසට ගොස් ඇත.

පසුව උපසභාපති වරයාට ඇතිවූ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ දින වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගොස් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

උපසභාපතිවරයාට කොරෝණා වැළඳීමට පෙර වෙනත් රෝගී තත්වයන්ද තිබූ හෙයින් කොරෝණා වෛරසය වැළඳීමෙන් අනතුරුව එම රෝගි තත්වයන් උත්සනන්න වීමෙන් මිය යන්නට ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැකපල කර සිටියි.

උපසභාපතිවරයාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙතට භාරදීමට නියමිත බවටත් අවසන් කටයුතු ඔහු පදිංචි ගනේෂපුරම් ප්‍රදේශයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?