කොරෝනා වෛරසය ගැන අප භිය ගන්වන තවත් අසුබ ආරංචියක්

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව ප්‍රමුඛතම කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇතැයි සී.ඩී.සී. හෙවත් අමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂිකා රොෂෙල් වැලෙන්ස්කි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ යළි ඉහළ යෑමටද ඩෙල්ටා ප්‍රභේදය බලපා ඇති බවයි.

පසුගිය සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70% කින් ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාවද 26% කින් ඉහළ ගියා. ඒ අනුව ගතවූ සතියේ දෛනික ආසාදිත සංඛ්‍යාවේ සාමාන්‍ය 26,000 ක්.

එය ජුනි මාසයේ ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍යය මෙන් දෙගුණයක් ලෙස සැලකිය හැකියි.

එමෙන්ම, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෑම නව ආසාදිතයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් බව හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා දෙකම ලැබූ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීමේ බූස්ටර් හෙවත් ප්‍රවර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදිය යුතුද යන්න පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ආරම්භ වී තිබෙනවා.

ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එන්නත්කරණය සිදුකළ රටවල් පවා මේ වනවිට ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ ප්‍රබල ප්‍රචාරණ හැකියාවකින් යුත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන්.

කෙසේ නමුත්, ඇතැම් විශේෂඥයින් පෙන්වා දෙන්නේ 03 වන නැතිනම් ප්‍රවර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව වත්මන් වාතාවරණය යටතේ තීරණයකට එළැඹිය නොහැකි බවයි.

එහෙත් මේ වසර අගදී එලෙස 03 වන මාත්‍රාවක් ලබාදීමට සූදානම් වන්නැයි අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් පාලන බලධාරීන් දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ නමුත්, දුප්පත් රටවල්වල මිලියන සංඛ්‍යාත ජනතාව එක් එන්නත් මාත්‍රාවක් හෝ නොලැබ සිටියදී ධනවත් රටවල් 03 වන මාත්‍රාවක් පිළිබඳව අවධානය යොමු කිරීම සදාචාරාත්මක නොවන බව ඇතමුන්ගේ අදහසයි.

මේ අතර, කොරෝනා වසංගතය නිසා වසරක් කල් දමා තවත් දින 6 කින් ආරම්භ වීමට නියමිත ටෝකියෝ 2020 ඔලිම්පික් උළලේ ක්‍රීඩා ගම්මානයෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙනවා.

ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ ප්‍රකාශක මාසා ටකායා ප්‍රකාශ කළේ එම ආසාදිතයා ගම්මානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

කෙසේ නමුත්, ආසාදනය වූ තැනැත්තා සංවිධායකයින් විසින් අනාවරණ කර නැහැ. එම ආසාදිත පුද්ගලයා මේ වනවිට හෝටලයක නිරෝධානයට යොමුකර ඇති බව සංවිධාන කමිටු ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, ලොව පුරා නන් දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ව්‍යාප්තියක් ඇති වීම වළක්වාලීමට සියලු පියවර ගෙන ඇති බව ද මාසා ටකායා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34