AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මර්දනයට සාර්ථක ප්‍රතිඵල අමෙරිකානු මොඩර්නා එන්නතින්

අමෙරිකානු මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොරෝනා එන්නත මගින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සාර්ථක ලෙස මර්දනය කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එහි විද්‍යාඥයින් පර්යේෂණාගාරවල සිදුකළ මූලික අධ්‍යයනවලින් අනතුරුව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් කොරෝනා වෛරස් ප්‍රභේද මොඩර්නා එන්නත මගින් සාර්ථකව වළක්වන බවයි.

බ්‍රිතාන්‍යයෙන් සොයාගත් කොරෝනා වෛරස ප්‍රභේදය 70% ක වැඩි ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර, එම වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ රුධිර සාම්පල යොදා ගනිමිනුයි මොඩර්නා අධ්‍යයනය සිදුකර ඇත්තේ.

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති අනෙකුත් එන්නත් මගින්ද වෛරසයේ ප්‍රභේදන වළක්වන බව විශ්වාස කෙරුණද එය මෙතෙක් තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?