කොරෝනා ආසාදිත බිරිය ඝා’ත’නය කළ ව්‍යාපාරිකයා අවසානයේ මාට්ටු වෙයි

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි. මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් සඳහන්. 

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා තිබෙනවා. ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

 මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවත් සඳහන්. එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබා ගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?