කොන්දේසි විරහිතව දලයි ලාමා සමග සාකච්ඡා කරන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලයි

ධරම්ශාලා හි වෙසෙන ටිබෙට් ප්‍රජාව හමු වී මෙන් පසු නවදිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස්ටෝපර් එල්ම්ස් කොන්දේසිවලින් තොරව ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා හෝ ඔහුගේ නියෝජිතයන් සමඟ සංවාදයක් ආරම්භ කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සංචාරයේදී එල්ම්ස් ටිබෙට් කෞතුකාගාරය, බෞද්ධ ආරාම සහ මධ්‍යම ටිබෙට් පරිපාලනයේ කාර්යාල වෙත ගිය අතර ඉන්දීය සහ ටිබෙට් මාධ්‍ය නියෝජිතයන් ද හමුවුණා.

”මගේ සංචාරයේ කොටසක් වන්නේ ටිබෙට් ජනතාවට එක්සත් ජනපදයට හොඳම සහයෝගය ලබා දිය හැකි ආකාරය තේරුම් ගැනීමයි. අපි දිගටම සෘජු සාකච්ඡා සඳහා කතා කරන අතර විසඳුම් නිර්මාණය කිරීමට අපි විවෘතව සිටිමු. අපගේ රජය මධ්‍යම ටිබෙට් පරිපාලනය සමඟ සාකච්ඡා කරන අතර හැකි ඉක්මනින් කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව මෙම සාකච්ඡා දැකීමට අපි කැමතියි ”ඔහු ANI වෙත පවසා තිබෙනවා.

ටිබෙට් ආධ්‍යාත්මික නායක 14 වන දලයි ලාමා එක්සත් ජනපදයේ දී සිදු කළ සාර්ථක දණහිස ප්‍රතිකාරයකින් පසු ධරම්ෂාලා වෙත මේ වන විට පැමිණ සිටිනවා.

දලයි ලාමාගේ මෑත එක්සත් ජනපද සංචාරය අතරතුර, ඔහු විවිධ එක්සත් ජනපද නිලධාරීන් ද හමුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?