කොන්දේසිවලට යටත්ව VAT සංශෝධන පනත් කෙටුම්පතට COPF අනුමැතිය

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ කමිටු වාරයේදී, ඇතැම් කොන්දේසිවලට යටත්ව මෙම අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙහිදී 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් මූලික සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කෙරුණා.

නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සපයනු ලබන සේවා සඳහා එකතු කළ අගය මත බද්ද පැනවීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වුණා.

මේ අනුව කාරක සභාව විසින් මෙරට මාර්ගගත යෙදවුමක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ලියාපදිංචි වී සිටින ප්‍රවාහන සේවා සැපයුම් සමාගම් දෙකක් සංසන්දනය කිරීම සිදු කළ අතර, මෙම බදු
සංශෝධනයෙන් පසු අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන මුදල් ප්‍රමාණයන් පිළිබඳවද එහිදී පරීක්ෂා කෙරුණා.

මේ අනුව, දේශීය වශයෙන් ලියාපදිංචි වී සිටින සහ විදේශීය වශයෙන් ලියාපදිංචිවී සිටින සමාගම් සඳහා එකතු කළ අගය මත බදු සංශෝධනයෙන් පසුවද යම් අසමානතාවක් නිරීක්ෂණය වන බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව මුල් කරගත් ඩිජිටල් ව්‍යවසායකයින් සම්බන්ධයෙන් VAT බද්ද හරහා ගෝලීය වෙළඳපොළ තුළ ඇති වන බලපෑම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය කණගාටුව පළ කළා.

ඩිජිටල් සේවාවන් සඳහා මෙරට තුළ ක්‍රියාත්මක වන VAT බද්ද පිලිපීනය සහ ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයට සමාන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළා.

කාර්තුවකට රුපියල් මිලියන 15 සිට කාර්තුවකට රුපියල් මිලියන 9 දක්වා පිරිවැටුම සඳහා VAT බදු සීමාව අඩු කිරීමෙන් අපේක්ෂිත නව VAT ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව පිළිබඳව කාරක සභාව විමසූ අතර, එම සංඛ්‍යාව 10,000 ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුවා..

මෙය තොග සහ සිල්ලර වෙළඳසැල්, රුපලාවන්‍ය සේවා සහ අනෙකුත් කුඩා ව්‍යාපාර සඳහා අදාළ වනවාද යන්න පිළිබඳව
සහ එවැනි ව්‍යාපාරවලට POS යන්ත්‍ර (POS machines) ලබාගැනීම ඇතුළු වියදම් ලෙස රුපියල් 200,000ක් පමණ වැය කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියා.

මෙම අවශ්‍යතාවන් ඉටු කිරීමසම්බන්ධයෙන් රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල වැඩි නොකර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට VAT බදු සඳහා අනුවර්තනය වීම සඳහා සහාය ලබාදෙන්නේ කෙසේදැයි සලකා බලන ලෙසද කාරක සභා සාමාජිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා.

එසේම, POS යන්ත්‍ර භාවිතා කිරීම දිරි ගැන්වීම සඳහා රජය සලකා බලමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) අයත් මූලික සංශෝධන පිළිබඳ වෙන් වෙන්ව පැය තුනක පමණ කාලයක් සාකච්ඡ‍ා කිරීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමෙන් පසු අදාළ රෙගුලාසි සකස්කොට ප්‍රකාශයට පත් කිරීමට පෙර කාරක සභාවේ අනුමතිය ලබා ගැනීමේ කොන්දේසියට යටත්වඒ සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දීම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03