කොන්දේසිවලට එකඟ නම් මම සහය දෙනවා.

තමිල් තේසීය මක්කල් කුට්ටනි පක්ශයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේශ්වරන් මහතා තම කොන්දේසිවලට එකඟ වන්නේ නම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබා දීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහුගේ එම ඉල්ලීම් වශයෙන් ,
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
උතුරේ රඳවා සිටින හමුදා නිලධාරීන්ගෙන් අඩක් ඉවත් කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු ඇතුලත් වනවා.

එම මූලික කොන්දේසි වලට අමතරව මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ස්ථාපිත ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් එම ආණ්ඩුවේ ඇමැති ධුර දැරීම පිළිබඳව වුවද සලකා බැලිය හැකි බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන අතර වැඩි කාලයක් වැය නොකර ඉතා කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බව විග්නේශ්වරන් මහතා කියා සිටී.

එම ගැටලු කෙසේ වුවත් තමන් ඇතුළු දෙමළ දේශපාලන නියෝජිතයන් නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට සහයෝගය ලබා දෙන්නේ නම් එය කොන්දේසි සහිත වනු ඇති බව හෙතෙම සඳහන් කර සිටියේය.

විග්නේෂ්වරන් මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියේ සිර දඬුවම් නියම වී ඇති දෙමළ දේශපාලන සිරකරුවන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමටත් සහා මේ වන විටත් නඩු ගොනු කර ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ එම නඩු සියල්ල ඉල්ලා අස්කරගෙන ඔවුන් නිදහස් කිරීමත් කළ යුතු බවයි.

යුද්ධය අවසන්ව වසර 13ක කාලයක් ගත වුවත් තවම ත් උතුරේ ලක්ෂයකට අධික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටින බව සහ ඔවුන් අඩක් පමණ එම ප්‍රදේශවලින් ඉවත් කළ යුතු බවද විග්නේෂ්වරන් පෙන්වා දෙනවා.

විග්නේෂ්වරන් කියා සිටින්නේ ඔහුගේ මෙම කොන්දේසිවලට එකඟ වන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දීමට තමන් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17


?