කොන්දේසිවලට එකඟ නම් මම සහය දෙනවා.

තමිල් තේසීය මක්කල් කුට්ටනි පක්ශයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේශ්වරන් මහතා තම කොන්දේසිවලට එකඟ වන්නේ නම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබා දීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහුගේ එම ඉල්ලීම් වශයෙන් ,
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
උතුරේ රඳවා සිටින හමුදා නිලධාරීන්ගෙන් අඩක් ඉවත් කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු ඇතුලත් වනවා.

එම මූලික කොන්දේසි වලට අමතරව මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ස්ථාපිත ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් එම ආණ්ඩුවේ ඇමැති ධුර දැරීම පිළිබඳව වුවද සලකා බැලිය හැකි බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන අතර වැඩි කාලයක් වැය නොකර ඉතා කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බව විග්නේශ්වරන් මහතා කියා සිටී.

එම ගැටලු කෙසේ වුවත් තමන් ඇතුළු දෙමළ දේශපාලන නියෝජිතයන් නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට සහයෝගය ලබා දෙන්නේ නම් එය කොන්දේසි සහිත වනු ඇති බව හෙතෙම සඳහන් කර සිටියේය.

විග්නේෂ්වරන් මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියේ සිර දඬුවම් නියම වී ඇති දෙමළ දේශපාලන සිරකරුවන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමටත් සහා මේ වන විටත් නඩු ගොනු කර ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ එම නඩු සියල්ල ඉල්ලා අස්කරගෙන ඔවුන් නිදහස් කිරීමත් කළ යුතු බවයි.

යුද්ධය අවසන්ව වසර 13ක කාලයක් ගත වුවත් තවම ත් උතුරේ ලක්ෂයකට අධික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටින බව සහ ඔවුන් අඩක් පමණ එම ප්‍රදේශවලින් ඉවත් කළ යුතු බවද විග්නේෂ්වරන් පෙන්වා දෙනවා.

විග්නේෂ්වරන් කියා සිටින්නේ ඔහුගේ මෙම කොන්දේසිවලට එකඟ වන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දීමට තමන් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25