Empty Ad
AFC Banner
Empty Ad

කොත්තු සහ රයිස් මිල අද සිට බස්සයි

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් කොත්තු, රයිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල ගණන් අද (05) දිනයේ සිට අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ, අනුව කොත්තු සහ රයිස් මිල අඩු කරන ප්‍රතිශතය අද (05) පෙරවරුවේ ප්‍රක්ෂයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළා.

ඒ, අනුව 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204.00කින් මිල අඩුකරනු ලැබුවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00කින් සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 37.00කින් අඩුකර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
14
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?