කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කෙඩෙට් නොවන නවක සිවිල් සිසුන් බදවා ගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ අභියාචනාධිකරණය තීන්දු කළා

එම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිගනිමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමත්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අ.පො.ස.උසස් පෙළ සමත් සිසුවකු වන කේ. කේ .ඩී. විමුක්ති ද සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය, එහි කුලපති විශ්‍රාමික ජෙනරාල් ජී.එච් ද සිල්වා, එහි කළමනාකරණ මණ්ඩලයේ සභාපති විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරු සඳහන් කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට උපාධි පාඨමාලා හැදෑරීම සඳහා කෙඩට් ඇතුළු ආරක්ෂක අංශ සිසුන් ඇතුලත් කර ගැනුනු අතර 2012 වසරේ සිට සිවිල් සිසුන්ටද එම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බවයි.

ඒ අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට එම විශ්වවිද්‍යාල පනතේ 4 වන වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කරමින් සිවිල් සිසුන් බඳවා ගැනීම, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම, පුහුණුව ලබා දීම යනාදී කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ධර්මවර්ධන මහතා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කරුට මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා නීතිමය අයිතියක් නොමැති බවත් මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම්කර නොතිබීම යන කරුණු මුල් කරගෙන එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

එම මූලික විරෝධතාව පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය හෝ අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළ අතර ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට තීන්දු කරණ බවත් නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02