අද (29) උදෑසන තරුණයෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වහලය මත නැඟී විරෝධතවයක නිරත වුණා.
එහිදී මෙම පුද්ගලයා පවසා සිටියේ බදුල්ලට දුම්රිය ප්‍රවේශපතක් ඉල්ලා සිටිය දී රාගමට පමණක් දුම්රිය ප්‍රවේශපතක් ලබා දී පසුව නිලධාරීන් විසින් තමන්ගේ බෙල්ලෙන් අල්ලා දුම්රිය ස්ථානයෙන් පිටතට ඇද දැමූ බවයි.
මෙම පුද්ගලයා ඊයේ (28) උදෑසන දුම්රිය ස්ථානයේ පිටුපස තිබූ පොල් ගසකට නැඟ දුම්රිය ස්ථානයේ වහලය මතට ගොඩ වී ඇති බවයි කොටුව දුම්රිය ස්ථානයේ පොලිස් මුරපොළ නිලධාරීන් සඳහන් කර සිටියේ.
ඔහු කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව ද පොලිස් මුරපොළ නිලධාරීන් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
2
+1
1
+1
1
+1















