ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්ත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සහායෙන් ඇතිව හැකිව තිබෙනවා.
පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාව වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සහාය ලබාදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඒ, අනුව වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් මඟින් සොරොව් දොරටුව අවහිර වන පරිදි සිර වී තිබූ වැලි, මඩ සහ පාෂාණ කොටස් මහත් පරිශ්‍රමයක් දරා ඉවත්කර සොරොව් දොරටුවේ ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කිරීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1





