කොට්ටාවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි ව නැහැ – පොලිසිය (වීඩියෝ)

කොට්ටාව – මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි මිරිස් යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් සැකකරුවන් වෙඩි තැබීමට පැමිණියේ කෙසේ ද හෝ ඔවුන් කවුරුන් ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?