කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේ දී පසුගිය 07 වනදා පස්වරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සිදුකළ සැකකරුට නවාතැන් සැපයීම හා ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල දී ත්‍රිරෝද රථයක් හා ජංගම දුරකථන දෙකක් ද සමඟ මොවුන් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 05ක්.

මීට පෙර එනම් පසුගිය 09 වනදා, මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් යාපනය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ චෙන්මනි හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා ජංගම දුරකථනයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 18ත් 33 අතර වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 24 හා 26 වයස්වල පසුවන කොළඹ 13 හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන්.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයඅපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34