කොටහේන දැරියගේ සිදුවීම ගැන විමසීමට වගකිව යුතු පාර්ශ්ව මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

කොටහේන ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එකී විමර්ශනය මැයි මස 14 වැනි දින පෙරවරු 10.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේ දී පැවැත්වුණු බවයි.

බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පති , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, සිද්ධියට සම්බන්ධ අදාළ ගුරුවරයා, පොලිස් ස්ථානාධිපති – බම්බලපිටිය, පොලිස් ස්ථානාධිපති – කොටහේන හා අදාළ පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධීකාරක විමර්ශනය සඳහා කැඳවා තිබුණා.

විදුහල්පති හා අදාළ ගණිත ගුරුවරයා හේතු දැක්වීමකින් තොරව නියමිත වේලාවේ දී කොමිෂන් සභාව හමුවේ පරීක්ෂණයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව කොමිෂන් සභා පනත ප්‍රකාර ව ක්‍රියා නොකිරීමට හේතු විමසීමට ද තීරණය කෙරුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිවේදනයේ දැක්වෙන්නේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙනුවෙන් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ කරුණු ඉදිරිපත් කරන ලද අතර මේ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව දින 07ක් තුළ වැඩිදුර වාර්තාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කෙරුණා.

එමෙන්ම දැනට පවතින විමර්ශන ප්‍රගතිය ගැන ද පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද බම්බලපිටිය හා කොටහේන පොලිසියට ද නියම කෙරුණා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අවසන් කර එහි නිගමන හා නිර්දේශ ලබාදීමට බලාපොරොත්තු වන අතර මේ පිළිබඳ ව අදාළ රාජ්‍ය ආයතන විසින් ඔවුන්ගේ සිය වගකීම නිසි පරිදි ඉටුකර තිබේ ද යන්න සහ යම්කිසි රාජ්‍ය පාර්ශ්වයක් අදාළ දැරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව හා ළමා හිංසනයක් සිදු වී තිබේ ද එසේ සිදු වී ඇත්නම් කිනම් පාර්ශ්වයක් විසින් ඒ සඳහා වගකිව යුතු ද යන්න අවධානය යොමු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?