කොටට ඇඳුම් ඇදලා මට ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ

වෙළෙඳ දැන්වීමකින් ජනතාව අතරට ගොස් ඒ ජනප්‍රියත්වය වසර ගණනාවක් පුරාවට ඒ විදිහටම තියාගෙන ඉන්න හැමෝටම බැහැ. අශිකා මතසිංහ කියන්නේ නමට වඩා රුව නිසා ජනතාව අතරට ගිය රංගන ශිල්පිනියක්. ඉදහිට නිර්මාණයකින් දකින්න ලැබෙන අශිකා අහස් මාළිගා නාට්‍යයෙනුත් දැකගන්න ලැබුණා. නිර්මාණවලින් වැඩිය දකින්න නැත්තේ ඇයි කියන ප්‍රශ්නය වගේම ඇයගේ නවතම තොරතුරු දැනගන්න අපි ඇයත් එක්ක කතාබහ කළා. මේ අශිකා ගැනයි.

අශිකා වැඩිය දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි නේද..?

වැඩිය දකින්න නම් ලැබෙන්නේ නැහැ තමයි. නිර්මාණ භාර ගන්නේ තෝරා බේරාගෙන. ඒ විදිහට අවුරුදු දෙකකට පස්සේ තෝරා ගත් ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා. මේ දිනවල එහි රූ ගත කිරීම් කරනවා. ඊට අමතරව හිරු ටෙලි ෆිල්ම් කිහිපයකින්ම දැකගන්න ලැබුණා. නත්තල් නාට්‍යටත් මට හිරු එකෙන් ආරාධනා කළා. එයටත් සම්බන්ධ වෙනවා.

නිර්මාණවලින් ඉදහිට දකින එක ප්‍රතිචාර ලබන්න හෝ නිර්මාණ සඳහා ආරාධනා ලබන්න අවාසියක් නෙමෙයිද..?

මම ඒ කරණා දෙක ගැනම එතරම් හිතන්නේ නැහැ. මට සුදුසු චරිතයක් තිබ්බොත් නිර්මාණකරුවන් මට ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රතිචාර ලැබෙනවා මම කරන හැම චරිතයකටම වගේ. මම අහස් මාලිගා නාට්‍යයේ අහිංසාගේ අම්මගේ චරිතයට රංගනයෙන් දායක වුණා. ඒකටත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. වෙනස්ම චරිතයක් නිසා. මේ දවස්වල විකාශය වෙන දිවිතුරා නාට්‍යටත් ආරාධනා ලැබුණා චාමර අයියාගෙන්. නමුත් මට එයට සම්බන්ධ වෙන්න බැරි වුණා කොවිඩ් ප්‍රශ්න එක්ක. දරුවෝ නිසා.

මේ දිනවල ඒ නාට්‍ය අතිශය ජනප්‍රියයි, ඒ චරිතය භාර නොගැනීම ගැන දුකක් නැද්ද..?

දිවිතුරා නාට්‍ය බලද්දී අපරාදේ ඒ චරිතය භාර ගත්තේ නැත්තේ කියලා දැන් හිතෙනවා. දුකයි ඒත් මොනා කරන්නද දරුවෝ ගැන හිතන්නත් ඕනනේ.

දරුවෝ දැන් ලොකුයි නේද, ඒ ගැනත් මතක් කරමු..?

තුන් දෙනාම ලොකුයි. පාසල් යනවා. ලොකු දුවට වයස 11යි, දෙවැනි පුතාගේ වයස අවුරුදු 10යි. චුටි පුතාට අවුරුදු 6යි. කොරෝනා නිසා අනිත් දරුවන්ට වගේම මගේ දරුවෝ තුන්දෙනාටත් අධ්‍යාපන වැඩ අඩාල වුණා. කොහොම නමුත් දරුවන්ගේ වැඩත් කරගෙන නිර්මාණවලට දායක වෙනවා.

ඔබේ කාර්යබහුලකම එක්ක ඔබට රඟපාන්න එපා කියලා දරුවෝ කියන්නේ නැද්ද..? දරුවෝ වැඩිපුරම කැමති අම්මා ළඟ ඉන්නනෙ..?

දැන් තුන්දෙනාම ඉන්නේ තේරුම් තියෙන වයස්වල. එයාලා දන්නවා මම එයාලට අඩුවක් කරන්නේ නැහැ කියලා. මම ගෙදරට වෙලා ඉන්නවට වඩා රඟපාන එක ගැන එයාලා සතුටු වෙනවා. මම කොහොමත් කොහේ ගියත් දරුවන්ගේ වැඩ සියල්ල කරලා යන්නේ. කෑම බිම හදන්නේ එයාලගේ සියලු වැඩ වගේම ගෙදර වැඩ සියල්ල කරන්නේ මම. අම්මා කෙනෙක් විදිහට මම මහන්සි වෙන විදිහ දරුවෝ දකිනවා. ඒ නිසා මාසෙට දවසක් දෙකක් ගෙදර එයාලා එක්ක නැහැ කියලා මට දොස් කියන්නේ නැහැ. විශේෂයෙන්ම මම රඟපාන එක ගැන සතුටු වෙන්නේ එයාලට විශේෂ කෑම බීම වගේම අවශ්‍ය දේවල් වැඩිපුර ලැබෙන්නේ මම රඟපාලා උපයන මුදලින් කියලා දන්නවා. ඒ වාසි නිසා මම රඟපාන්න යනවට කොහොමත් කැමතියි. අනිත් එක මම වරදක් කරන්නේ නැහැ කියලා එයාලා දන්නවා.

ඔබේ සැමියා හමුදා සේවයේ නියුතු නිළධාරියෙක්, ඔබ නිළියක්, ඇතැමුන් කියනවනේ හමුදා නිළධාරීන් තද නීති ක්‍රියාත්මක කරන බව, නිවෙසේදී ඔබේ සැමියාත් ඔබව වාරණ කරලාද තියෙන්නේ..?

එයා රැකියාවට නීතිරීති ක්‍රියාත්මක කළාට, ටෆ් කෙනෙක් වුණාට පවුල් ජීවිතයේදී එහෙම නැහැ. එහෙම අනවශ්‍ය නීතිරීති එක්ක පවුල් ජිවිතයක් ගත කරන්න අමරුයිනේ. මම දරුවෝ තුන් දෙනෙක් එක්ක පවුල් ජිවිතේට වෙහෙසෙන විදිහ එයා දන්නවා. එයාට අමුතුවෙන් මට නීති දාන්න හේතුවක් නැහැ. සැමියෙක් විදිහට මට උදව් කරලා පවුල් ජිවිතේ සමබරව ගෙවන්න උදව් කරනවා.

ඔබේ ජනප්‍රියත්වය ඔහුට කරදරයක් නෙමෙයිද..?

මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ. මම පිටතට මේකප් දාලා යන්නේ නැහැ. ලිප්ස්ටික් විතරයි භාවිතා කරන්නේ. මාව ගොඩක් අය අදුරගන්නෙත් නැහැ. ඒ නිසා ඔය ගැටළු එයාට මතු වෙලා නැහැ. එයාට ඒක කරදරයක් නෙමෙයි. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. එයාලා මුහුණු පොත ඔස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ, ඇතැම් අය මගෙන් අහනවා ඔයාද අහවල් නාට්‍යයේ ඉන්නේ කියලා. එකපාරටම අදුරන්නේ නැහැ.

සමාජ මාධ්‍යට එකතු කරන ඡායාරූප නිසා පවුල් ප්‍රශ්න ඇති වෙලා නැද්ද..?

නැහැ. මම සමාජ මාධ්‍යට එකතු කරන හැම ඡායාරූපයක්ම දන්නේ හරිම පරිස්සමින්. මම කොහොමත් අනවශ්‍ය විලාසිතා භාවිතා කරන්නේ නැහැ. මොකද මම දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. දරුවෝ යන්නේ රජයේ පාසල්වලට. ඒ නිසා කොට ඇඳුම් එහෙම භාවිතා කරන්නේ නැහැ. මම දාන ෆොටෝස් වලට වැරදි විදිහට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. දැනට එහෙම නැහැ. ඉදිරිය ගැන නම් කියන්න දන්නේ නැහැ.

ශරීරය වැඩිපුර නිරාවරණය වෙන විලාසිතා භාවිතා කරන චරිත එහෙම ලැබුණොත් ඒ කියන්නේ ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවා ..?

කොටට ඇඳුම් ඇදලා මට ප්‍රසිද්ධ වෙන්න වුවමනාවක් නැහැ, මේ තියෙන ජනප්‍රියත්වය හොඳටම ඇති. අනවශ්‍ය දේවල් කරලා සමාජයෙන් බැණුම් අහන්න ඕන නැහැ. සමහර චරිත මම භාවිතා කරන්න තිබ්බ ඇඳුම් විලාසිතා නිසා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොමත් මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ ගැලපෙන චරිත තමයි

image 5517b84bfb
image 095f11c440
image d09871d904
image a553daea46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29