කොටගල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන්, කොටගල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (17) ගැටුමක් ඇතිව තිබෙනවා.

එම පාසලේ 08, 09 සහ 10 යන ශ්‍රේණිවල සිසුන් මෙම ගැටුමට සම්බන්ධ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ දිනයේ පාසල් නිවාඩුව ලබාදීමත් සමඟ පාසල් භූමිය තුළ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි දිඹුල පතන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
68
+1
2
+1
3
+1
4
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?