කේරළ ගංජා කිලෝ 06ක් එක්ක පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් තිබූ රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 06කුත් ග්‍රෑම් 168ක් සමඟ පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගැනුණා.

සැකකරුව අත්අඩංගුවට ගැනුණේ, යාපනය – මරදන්කේණි, උරුත්තිරෙයි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව, පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු කේරළ ගංජා තොගය කිසියම් ප්‍රදේශයකට රැගෙන යාම සඳහා සුදානම් කොට තිබියදී මෙම වැටලීම සිදු කෙරුණා.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරට මුහුදු සීමාව ආසන්නයට මෙම කේරළ ගංජා රැගෙන විත් මෙරට ධීවරයින්ගේ බෝට්ටු ඔස්සේ කේරළ ගංජා ගොඩබිමට රැගෙන ඒම සිදු කරන බවට විමර්ශනවල දී අනාවරණය ව තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරු මඩකලපුව, ජයන්දිපුරම් පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?