කේරළ ගංජා කිලෝ 06ක් එක්ක පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් රැගෙන විත් තිබූ රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 06කුත් ග්‍රෑම් 168ක් සමඟ පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගැනුණා.

සැකකරුව අත්අඩංගුවට ගැනුණේ, යාපනය – මරදන්කේණි, උරුත්තිරෙයි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව, පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු කේරළ ගංජා තොගය කිසියම් ප්‍රදේශයකට රැගෙන යාම සඳහා සුදානම් කොට තිබියදී මෙම වැටලීම සිදු කෙරුණා.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරට මුහුදු සීමාව ආසන්නයට මෙම කේරළ ගංජා රැගෙන විත් මෙරට ධීවරයින්ගේ බෝට්ටු ඔස්සේ කේරළ ගංජා ගොඩබිමට රැගෙන ඒම සිදු කරන බවට විමර්ශනවල දී අනාවරණය ව තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරු මඩකලපුව, ජයන්දිපුරම් පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?