අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ (23) නඩු පවරනු ලැබීය.
2015 ජනාධිපතිවරණ සමයේදී එනම් 2014.11.25 හා 2014.12.10 කාලය අතරතුරදී නිසි අවශ්‍යතාවයක් නොතිබියදීත් රූපවාහිනි ප්‍රවර්ධන කටයුත්තක් සඳහා බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නමලක්‍ෂ අනූනම දහසක් වැයකර ජී. අයි. පයිප්ප 600 ක් මිලදී ගැනීමෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි එමගින් චෝදනා නඟා තිබිණි.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතාට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ එවකට ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඩී. එල්. චන්ද්‍රපාල, හිටපු සභාපතිවරයකු වන විමලසේන රූපසිංහ යන මහත්වරුන් සෙසු විත්තිකරුවන් ලෙස නම්කර ඇත.




